පාකිස්තාන රජය රාජ්‍ය වියදම් පාලනය කිරීම සහ ඉන්ධන සංරක්ෂණය සඳහා නව දැඩි ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
සැප්තැම්බර් 17 වැනිදා නිකුත් කළ කැබිනට් අංශයේ නිවේදනයකට අනුව, රාජ්‍ය වාහන සඳහා වෙන් කරන ඉන්ධන ප්‍රමාණය සියයට 50කින් අඩු කෙරේ.
කෙසේ වෙතත්, සන්නද්ධ හමුදා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, අත්‍යවශ්‍ය සේවා සහ ෆෙඩරල් මණ්ඩල ආදායම් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා මෙම සීමාව අදාළ නොවන බව සඳහන්ය.
එමෙන්ම 2026/27 මූල්‍ය වර්ෂය සඳහා පුනරාවර්තන නොවන වියදම් අයවැයෙන් මාසිකව සියයට 5ක් අඩු කිරීමටද තීරණය කර තිබේ.



