Homeජාත්‍යන්තරඅපි ඉරානයට සහයෝගය දක්වනවා.

අපි ඉරානයට සහයෝගය දක්වනවා.

ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය – ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව මධ්‍යස්ථ නොවන බව එක්සත් රාජධානියේ රුසියානු තානාපති ඇන්ඩ්‍රි කෙලින් (Andrey Kelin) පවසනවා.

ස්කයි නිව්ස් (Sky News) නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව අවධාරණය කරනු ලැබුවා.

එහිදී ඔහු,”අපි ඉරානයට සහයෝගය දක්වනවා. අපි මධ්‍යස්ථ නැහැ. ඉරානය අපගේ අසල්වැසි රටක් වන අතර ඔවුන් සමඟ ඓතිහාසිකව ඉතා හොඳ සබඳතා පවතී,” යනුවෙන් සඳහන් කළා.

ඉරානය පමණක් වරදකරු කිරීම අසාධාරණ බව පැවසූ තානාපතිවරයා, ඉරානය සිදු කරන්නේ තමන් වෙත එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් බවත්, ඇමරිකාව සහ ඊශ්‍රායලය මෙම ප්‍රහාර මාලාව ආරම්භ කළ බවත් අවධාරණය කරනු ලැබුවා.

දැනට ඉරානය විසින් රුසියාවෙන් කිසිදු ආධාරයක් හෝ සහයක් නිල වශයෙන් ඉල්ලා නොමැති බවත්, රුසියාව පර්සියානු ගල්ෆ් කලාපයේ රටවල් කෙරෙහි ද අනුකම්පාවක් දක්වන බවත්, කලාපයේ ආක්‍රමණශීලී ක්‍රියා වහාම නතර කර සාමකාමී විසඳුමකට පැමිණීම තම අපේක්ෂාව බවත් තානාපතිවරයා මෙම සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments