1983 කලු ජූලි ඛේදනීය සිදුවීම සහ එහි බලපෑම පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත් ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස් වෙත සහන සැලසීම පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කිරීමේ යෝජනාව ආණ්ඩු පක්ෂයේ විසින් හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මැති ඇමතිවරුන් පනස් දෙනෙකුගේ අත්සනින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.



