මෙරට සිදුවන සමස්ත මරණවලින් 80%කටම හේතු වී ඇත්තේ බෝනොවෙන රෝග බවත්, එම මරණ අතරින් ඉදිරියෙන්ම පවතින්නේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාව බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙම රෝග දෙක එකිනෙක හා සම්බන්ධ වීමෙන් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තුළ බරපතළ සංකූලතා රැසක් ඇති වන බව පෙන්වා දෙන ඒ මහතා, එහි දරුණුතම ප්‍රතිඵලය හෘදයාබාධ ඇති වීම බවද අවධාරණය කරයි.
ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,
“අපේ රටේ සිදු වන සමස්ත මරණවලින් 80%කටම හේතු වන්නේ බෝනොවෙන රෝගයි. මෙසේ මියයන 80% අතරින් ඉදිරියෙන්ම තිබෙන්නේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාවයි. අපි මේවා හඳුන්වන්නේ ‘NCDs’ (Non-Communicable Diseases) ලෙසයි.



