Homeදේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දිස්ත්‍රික්ක අනුව බෙදා වෙන් කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දිස්ත්‍රික්ක අනුව බෙදා වෙන් කෙරේ.

2026 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව පාර්ලිමේන්තු මැතිවරණයකදී එක් එක් මැතිවරණ කොට්ඨාසයෙන් තෝරා පත්කර ගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, දිවයිනේ මැතිවරණ කොට්ඨාස 22 සඳහා ජනගහනය සහ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව පදනම් කරගනිමින් අදාළ මන්ත්‍රී ධුර සංඛ්‍යාව තීරණය කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඊට අදාළ නිල මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙනවා.

2026 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව දිවයිනේ සමස්ත ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 17,534,397ක් ලෙස සටහන් වනවා.

ඒ අනුව, වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් හිමිව ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට වන අතර, එම දිස්ත්‍රික්ක දෙකටම මන්ත්‍රී ධුර 19 බැගින් වෙන්කර තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර 15ක් හිමිව ඇති අතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයන්ට මන්ත්‍රී ධුර 11ක් ද, මහනුවර දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 12ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 9ක් ද වෙන්කර ඇති බව සඳහන්.

අඩුම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිව ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වන අතර, එම සංඛ්‍යාව 4ක්.

2026 ඔක්තෝබර් 19 වැනිදා සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනය පදනම් කරගනිමින් මෙම මන්ත්‍රී ධුර සංඛ්‍යාව තීරණය කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98 වැනි ව්‍යවස්ථාවේ 8 වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම නිර්ණය සිදුකර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව, දිවයිනේ මැතිවරණ කොට්ඨාස 22 සඳහා වෙන්කර ඇති සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 196ක් වනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments