දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්ය අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ලබන ජනවාරි 05 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම නියෝග කර තිබෙනවා.
එදිනට මෙම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්රාත්වරයා විසින් අල්ලස් කොමිසමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්ය ප්රසන්න රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරනු ලැබූ නඩුව ලබන ජනවාරි 26 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම නියෝග කර තිබෙනවා.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළව ඇප මත පසුවන හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්ය ප්රසන්න රණතුංග අධිකරණය හමුවේ පෙනී සිටියා.



