අපොස සාමාන්‍ය පෙළ සමත් වූ සිසුන් 300ක් 400ක් දිනපතා විභාග දෙපාර්තමේන්තුවට පැමිණ විශාල අපහසුතාවකට පත්ව සිටිනු ඇතැයි සඳහන්.
සාමාන්‍ය පෙළ විභාගය සමත් වී වෙනත් පාසලක උසස් පෙළ හැදෑරීමට යෑමේදී විභාග දෙපාර්තමේන්තුවෙන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛන ලබාගෙන පැමිණෙන ලෙස උසස්පෙළ පාසල්වල විදුහල්පතිවරුන් පැවසීම නිසා සිසුන් මෙලෙස එම දෙපාර්තමේන්තුවට පැමිණ අපහසුතාවයට පත්වන බවයි වාර්තාවන්නේ.
විභාග දෙපාර්තමේන්තුවෙන් සාමාන්‍ය පෙළ විභාග සහතිකය ලබාගැනීමට රුපියල් 600ක් ගෙවා පැය ගණනක් රැඳී සිටීමට සිදුවීම නිසා සිසුන් මෙන්ම ඔවුන් සමග පැමිණෙන දෙමාපියන්ද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.
සිසුන් පත්වන මෙම අපහසුතාව මඟහරවා ගැනීමට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි විදුහලේ විදුහල්පති සහතික කර තිබේ නම් අඩුම වශයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් පාසලට එවන සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනය සිසුවාට ලැබෙනතෙක් හෝ භාරගන්නා ලෙස දැනුම්දීමක්වත් කරන ලෙස එම සිසුන් සහ දෙමාපියෝ ඉල්ලා සිටින බව එහි වැඩිදුරටත් සඳහන්.
විදෙස් රටවල වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට යන සිසුන්ට ද මෙම දුෂ්කරතාවට මුහුණදීමට සිදුවන බැවින් මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ඔවුන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගෙන් ඉල්ලා සිටිනවා.