මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ චූදිතයින් තිදෙනෙකු නිදහස් කළ හැකි බව නීතිපති පාරින්ද රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා.
නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ, ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල , විතාරණ ආරච්චිගේ ප්‍රසන්න නානායක්කාර යන සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවයි.
![](https://sinhala.colombotimes.net/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-04-at-20.55.16-678x1024.jpeg)
නීතිපති දෙපාර්තුමේන්තුව විසින් 2025 ජනවාරි 27 දින නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපියේ ඇතුළත් කරුණු මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධිකරණය ගත් ක්‍රියාමාර්ගය ලිපිය ලැබී දින 14ක් ඇතුලත් ලබා දෙන ලෙසද නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.