Homeක්‍රීඩාSunquick බීච් වොලිබෝල් ශූරතාවලිය

Sunquick බීච් වොලිබෝල් ශූරතාවලිය

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ පූර්ණ අධීක්ෂකත්වයෙන් ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කොමිසම සංවිධානය කළ Sunquick ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලියේ දී ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විවෘත ශූරතා දිනා ගන්නා ලදි.

මෙම තරගාවලිය මීගමුව වෙරළ උද්‍යාන ක්‍රීඩාංගණයේදී අවසන් වුනා.

තරගාවලියේ කාන්තා විවෘත ඉසව්වේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ A කණ්ඩායම සහ එම ක්‍රීඩා සමාජයේම B කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීම කැපී පෙණුනා.

වයස අවුරුදු 18න් පහළ කාන්තා ශූරතාව –
Bitulink ක්‍රීඩා සමාජයීය A කණ්ඩායමේ ජිනේෂි මදුශානි සහ හර්ෂනී නිසංසලා විසින්ද

වයස අවුරුදු 18න් පහළ පිරිමි ශූරතාව –
මීගමුව ලොයෙලා විද්‍යාලයේ රශ්මික ප්‍රනාන්දු සහ සුබෝධ ගිම්හාන් විසින්ද

වයස අවුරුදු 21න් පහළ කාන්තා ශූරතාව –
හුංගම විජයබා ක්‍රීඩා සමාජයේ තුරුශි යසාරා සහ හිරුණි ප්‍රබෝධා විසින්ද

වයස අවුරුදු 21න් පහළ පිරිමි ශූරතාව –
ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ උදයංග ප්‍රනාන්දු සහ හේෂාන් ප්‍රනාන්දු විසින්ද

වයස අවුරුදු 25න් පහළ කාන්තා ශූරතාව
MAS Casualline ක්‍රීඩා සමාජයීය B කණ්ඩායමේ ටී. එච්. හේරත් සහ ආර්. එන්. ධනංජනී විසින්ද,

වයස අවුරුදු 25න් පහළ පිරිමි ශූරතාව –
ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ සඳුන් බණ්ඩාර සහ මේලක හේෂාන් විසින්ද

විවෘත කාන්තා ශූරතාව –
ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයීය A කණ්ඩායමේ ඒ. කේ. ටී. ලක්ෂානි සහ එම්. ජී. ඩී. බණ්ඩාර විසින්ද

විවෘත පිරිමි ශූරතාව –
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයීය B කණ්ඩායමේ නලින් පෙරේරා සහ ඩබ්ලිව්. ඩී. එම්. වික්‍රමසිංහ විසින්ද

දිනාගන්නා ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments