ලෝක පිළිකා දිනය යෙදී ඇති අද දිනය (පෙබරවාරි 04) වන විට ගෝලීයව බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන දෙවන වැඩි ම මරණවලට හේතුව වන්නේ පිළිකාවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරන්නේ, 2050 වන විට වසරකට වාර්තා වන නව පිළිකා රෝගීන් සංඛ්‍යාව 77%කින් වැඩි වනු ඇති බවටය.
එම තත්ත්වය පහළ සහ මැදි ආදායම් ලබන රටවල්වල වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි වනු ඇතැයි පැවසෙයි.
මහරගම ජාතික පිළිකා ආයතනයේ රුධිර පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන පවසන්නේ,
1990 – 2020 දශක තුනක කාලය තුළ දත්ත පිරික්සීමේදී මේ වන විට වසරකට අවුරුදු 50ට අඩු පිළිකා රෝගීන් මිලියනයක් පමණ මිය යන බව පෙනී යන බවය.
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ, 2021 වසරේ ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති නව පිළිකා රෝගීන් සංඛ්‍යාව 37,753ක් බවය.
ඒ අතරින්, 17,582ක් පිරිමි පුද්ගලයින් වන අතර, 20,171ක් කාන්තාවෝ වෙති.
ජාතික පිළිකා මර්දන වැඩසටහන නිකුත් කර ඇති දත්තවලට අනුව 2005 සිට 2021 වසරවලදී නව පිළිකා රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් ඉහළ ගොස් ඇත.
මෙතෙක් ජාතික දත්ත ලෙස 2021 වසර දක්වා පමණක් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ දත්ත වාර්තා නිකුත් කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග පිළිබඳ ඒකකය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, 2022 වසරේ වාර්තා වී ඇති නව පිළිකා රෝගීන් සංඛ්‍යාව 33,243ක් බවය.
මෙවන් පසුබිමක මහරගම අපේක්ෂා රෝහල සඳහාවූ පරිත්‍යාග ගිණුමේ තිබූ රුපියල් කෝටි හතළිහක අරමුදල් 2022 හා 2023 වර්ෂයන්හිදී කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වනවා.
මේ අතර එම වාර්තාවේ දැක්වෙන්නේ, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බවයි.