Homeක්‍රීඩාලොව දෙවන තැන කෝලිට

ලොව දෙවන තැන කෝලිට

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සුවිශේෂි කඩයිමක් පසු කර තිබෙනවා.

පසුගියදා මුම්බායි කණ්ඩායමට එරෙහි පැවති තරගයේදී ලකුණු 67ක් රැස් කිරීමත් සමඟ විස්සයි විස්ස තරගවලදී ලකුණු 13,000ක් ලබා ගත් දෙවන වේගවත්ම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්විය.

මෙම කඩඉම පසු කිරීම සඳහා ඔහුට ඉනිම් 386ක් වැය වී තිබේ.

කෝලි මුම්බායි පිලට එරෙහිව වාර්තා කළ අර්ධ ශතකය සටහන් වූයේ ඔහුගේ 99වන විස්සයි 20 අර්ධ ශතකය ලෙසයි.

ලකුණු 13,000 කඩඉම පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වී තිබෙන්නේ කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් වන අතර ඔහුට මෙම කඩඉම පසු කිරීමට වැය වී ඇති ඉනිම් සංඛ්‍යාව 381කි.

RELATED ARTICLES

Most Popular

Recent Comments