පක්ෂය කිසි විටකත් සමගි ජන බලවේගයේ වහලුන් නොවන බව
පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදුර්දින් මහතා පැවසීය.
සමගි ජන ජනබලවේගය සහ එහිනායකත්වය බලයට ගෙන ඒම සඳහා
තම පක්ෂයේ ආධාරකරුවන් රුපියල් කෝටි ගණනින් මුදල් වැය කර ඇති බව
හෙතෙම අනාවරණය කළේය.
සමගි ජන බලවේගය කියන පක්ෂයේ හවුල්කාර පක්ෂයක් ලෙස තම පක්ෂය කටයුතුකල ද කිසිවිටකත් එහි වහලුන් ලෙස කටයුතු නොකරන බව මන්ත්රීවරයා අවධාරණය කළේය.
කුරුණෑගල ප්රදේශයේ ජන හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ රිෂාඩ් බදුර්දීන් මහතා තවදුරටත් කියා සිටියේ සජිත් ප්රේමදාස මහතා පසුගිය ජනාධිපතිවරණයේදී අනුගමනය කළ ප්රතිපත්ති වලට වඩා වෙනස් ප්රතිපත්ති ඔහු මේ වන විට අනුගමනය කරමින් සිටින බවයි.
ජාතිවාදී ප්රතිපත්ති ඔස්සේ කටයුතු කිරීම තමන්ටත් රටටත් අනාගතයටත් අනාගත පරපුරටත් සුබවාදී නොවන බව ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව තමන් සජිත් ප්රේමදාස මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින්
ඔහුට දැනුම් දුන්නේ “අපි ඔබ සමඟ සිටියේ ඔබේ අරමුණු සහ ප්රතිපත්ති නිසා
බවයි.
වර්තමාන ජනාධිපතිවරයා ජාතිවාදය ඇවිස්සීමට කටයුතු නොකළ නිසා ඔහුගේ මන්ත්රී සංඛ්යාව 03 සිට 159 දක්වා වැඩි කර ගත හැකි වූ බව පවසන ඒ මහතා ජාතිවාදය ඇවිස්වීමෙන් කිසිදාක කිසිදු පාර්ශවයකට බලයට පැමිණිය නොහැකි බව අවධාරණය කළේය.



