ලෝකයේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග නිර්දේශ වෙයි
ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් පිරිනමනු ලබන 2026 වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සඳහා වන සම්මානයට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග නිර්දේශ වී තිබේ.
මෙම වසර තුළ තරගාවලි 14කට සහභාගී වී ඉන් 13ක්ම ජය ගැනීමට රුමේෂ් තරංග සමත්ව ඇත. එහිදී වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල සහ ඩයමන්ඩ් ලීග් ශූරතාව හිමිකර ගැනීමට ඔහු සමත් විය.
2026 වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සඳහා වන සම්මානය ලබන නොවැම්බර් 29 වැනිදා පිරිනැමීමට නියමිත අතර, ඒ සඳහා රුමේෂ් තරංග වෙනුවෙන් මනාපය පළ කිරීමේ අවස්ථාව ද උදා වී තිබේ.
මනාපය පළ කිරීම සඳහා සබැඳිය: https://eu.surveymonkey.com/r/W9SWJLC



