Homeඅධ්‍යාපනිකආනන්ද බාලිකා සියවස් ක්‍රීඩා උළෙල

ආනන්ද බාලිකා සියවස් ක්‍රීඩා උළෙල

මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයේ ක්‍රීඩා ඒකකය සහ ආදි ශිෂ්‍යාවන්ගේ ක්‍රීඩා සංසදය විසින් පාසලට වසර 100 ක් සපිරීම සැමරීම වෙනුවෙන් ක්‍රීඩා උළෙල පසුගියදා පැවැත්විණ. ඒ විදුහල්පතිනි ඩබ්ලිව්.බී.ජී. කුමුදුනී මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ආනන්ද බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවන් වන නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂිකා සහ ජාතික කරාතේ ජයග්‍රාහිකාව වන නීතිඥ චිත්‍රා මධුෂානි සහ 2011 ශ්‍රී ලංකා දුනු ශිල්ප නියෝජිත සුචිනි ජනිත්‍රි උබේසිරි ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූහ.

මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන පාසලේ නිවාස හතරේ සිසුන් සහ ආදි ශිෂ්‍යාවන් මෙම ඉසව් සඳහා සහභාගී වූහ.

මීටර් 100 ධාවන තරඟය, සහය දිවීමේ තරඟය, ආදී ශිෂ්‍යාවන් සහ වත්මන් ශිෂ්‍යාවන්ග සඳහා විනෝද ක්‍රීඩා,සහය දිවීමේ සහ ගුරු සහාය දිවීමේ තරඟ ද පැවැත්විණි.

සහකාර විදුහල්පතිනි මංජුලා දිසානායක , ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටු සභාපතිනි ඉනෝකා ගාල්ලගේ ආදි ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික රනෝජා ද සිල්වා මහත්මිය ඇතුළු ගුරුවරුන්, ශිෂ්‍යාවන්ස සහ සංවිධායක කමිටු සාමාජිකයින් ද සහභාගී වූහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments