Homeදේශීයරුසියානු හමුදාවේ ලාංකිකයින් 554. 59ක් ජීවිතක්ෂයට

රුසියානු හමුදාවේ ලාංකිකයින් 554. 59ක් ජීවිතක්ෂයට

යුක්රේන යුද පෙරමුණේදී රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20වැනිදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අනාවරණය කළේය.
අද පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඉලංකෙයි තමිල් අරසුකච්ච් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා යොමුකළ ස්ථාවර නියෝග 27(2) යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

රුසියානු හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින බවත් ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් අනාවරණය කෙරුණි.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාර්තා උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවයි අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments