කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදෙන නොවැම්බර් 25 වැනිදා සිට ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදෙන දෙසැම්බර් 10 වැනිදා දක්වා වාර්ෂිකව ක්‍රියාත්මක වන “ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16ක ක්‍රියාකාරීත්ව ව්‍යාපාරය” මෙවර ද “යුක්තිය මගේ අයිතියයි: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා එක්වමු” (#JusticeIsMyRight: UNiTE Towards Ending GBV) යන ශ්‍රී ලංකාවේ ජාතික තේමාව යටතේ ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපාරයට සමගාමීව, කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීම, වින්දිතභාවයට පත් තැනැත්තියන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කිරීම සහ යුක්තිය ඉටු කිරීමේ වැදගත්කමයි.
පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ප්‍රචණ්ඩත්වයට එරෙහි පණිවිඩය සංකේතවත් කරන විශේෂ ලාංඡනයක් පිරිනැමීමට කටයුතු කර තිබිණි.
මෙම ජාත්‍යන්තර වැඩසටහනේ සංකේතීය වර්ණය වන තැඹිලි පැහැය ප්‍රවර්ධනය කරමින් එදින තැඹිලි හෝ තැඹිලි පැහැයට හුරු ඇඳුමින් සැරසී ඊට සහාය දක්වන ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඊට අනුව තැඹිලි පැහැති ඇඳුමකින් සැරසී පැමිණීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන ලදි.



