රටේ ප්‍රධානතම නීති ආයතන පරිශ්‍රයන් විදේශීය ආරක්ෂක කණ්ඩායමක් විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව පොදු ජනතාව තුළ කුතුහලයක් සහ සැකයක් මතුවීම සාධාරණය. නිල මූලාශ්‍ර පවසන පරිදි මෙය හුදෙක් ද්විපාර්ශ්වික නීති සහයෝගීතාව ශක්තිමත් කිරීමේ සංචාරයක් වුවද, මෙවැනි ඉහළ පෙළේ විදේශ සංචාරවල අරමුණු, අත්සන් කෙරෙන ගිවිසුම්වල ස්වභාවය සහ ආරක්ෂක තීරණ පිළිබඳව මීට වඩා විනිවිදභාවයකින් යුතුව මහජනතාව දැනුවත් කිරීම තුළින් අනවශ්‍ය ප්‍රලාප ප්‍රචාරයවිම සහ, රාජ්‍ය ආයතන කෙරෙහි ඇති මහජන විශ්වාසය තහවුරු කිරීමට හේතු වනු ඇත.
රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝදක ජනරාල් (Prosecutor General) ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතාට, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව වෙත පැමිණීම රජය විසින් වළක්වන ලදැයි එල්ල වූ චෝදනා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රතික්ෂේප කළේය.
පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ, රජය විසින් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි. ඒ වෙනුවට, තමා වෙත ලැබී ඇති තොරතුරු අනුව, ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුව, රුසියානු අභිචෝදක ජනරාල්වරයාගේ ආරක්ෂක කණ්ඩායම විසින්ම ස්වාධීනව මෙම තීරණය ගෙන තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නානායක්කාර මෙම පැහැදිලි කිරීම සිදු කළේය.
ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටෝකෝලයන්ට අනුව, රුසියාව වැනි රටක ඉහළ පෙළේ ආරක්ෂක සහ නීති ප්‍රධානියෙකු විදේශ සංචාරයක නිරත වන විට, ඔවුන්ගේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSO) විසින් ස්වාධීන ආරක්ෂක විගණනයක් සිදු කරයි. අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට පවතින අධික ජනාකීර්ණ බව, මාර්ග තදබදය සහ ගොඩනැගිලිවල පිහිටීම හදිසි ආරක්ෂක ඉවත් කිරීමකට (Emergency Evacuation) බාධාවක් විය හැකි බැවින්, ඕනෑම විදේශීය ආරක්ෂක කණ්ඩායමක් එවැනි ස්ථාන මගහැරීම සාමාන්‍ය තත්ත්වයකි.



