Homeක්‍රීඩාහෂාන් බංගලාදේශය අත්හරියි.

හෂාන් බංගලාදේශය අත්හරියි.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

පසුගියදා නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසු තවදුරටත් එම තනතුරේ කටයුතු නොකරන බවට ඔහු සිය තීරණය දැනුම් දෙමින් පැවසීය.

කැරිබියන් දූපත්හි පැවැති විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙසත් එක්දින තරගාවලිය 2-1ක් ලෙසත් බංග්ලාදේශය පරාජයට පත්වූයේ ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය පෙන්නුම් කරමින් ය.

හෂාන් තිලකරත්න බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකක කොන්ත්‍රාත්තුවක් මත 2022 ඔක්තෝම්බර් මාසයේදී පත්කරන ලද අතර පසුව එය මෑත බටහිර ඉන්දීය කොදෙව් සංචාරය දක්වා දීර්ඝ කරනු ලැබීය.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කැපීපෙනෙන ජයග්‍රහණ කිහිපයක් අත්කර ගත් නමුත් ඔහුගේ ධුර කාලය තුළ ගෝලීය මට්ටමින් තහවුරුවීමට එම කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරන අයුරු දක්නට ලැබිණි.

ඔහුගේ කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට මණ්ඩලය විශේෂ උනන්දුවක් නොදැක්වූ බවත් තනතුරට විකල්ප සොයමින් සිටි බවත් වාර්තා වේ.

“බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසුව ඔහු තවදුරටත් කටයුතු කිරීමට කැමති නැති බව ඔහු අපට දන්වා සිටියේය,” බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ කාන්තා අංශය භාර හබිබුල් බෂාර් පවසා තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments