මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාධ නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබිණ. ඒ නීතිපතිවරයා බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙනි.
මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරියගේ ප්‍රතිචාරය කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා විමසීමේදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ පෞද්ගලිකවම අහිම්සා වික්‍රමතුංග වෙත පිළිතුරු යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඊට මැදිහත් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මෙම තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම අවශ්‍ය බව පැවසීය.
එවැනි විවාදයක් පැවැත්වීමට රජය එකඟ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලදී.