හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ‘සිරිලිය සවිය’ සංවිධානයේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන ඒකාබද්ධ විමර්ශනයකට අදාළවයි.
මෙම විමර්ශනයේ ප්‍රධාන කරුණක් වන්නේ, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට යැයි පවසමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ‘සිරිලිය සවිය’ වෙත ලබාගෙන තිබීමයි.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ සිදුකරන විමර්ශනයකට අදාළවයි.
ප්‍රදීප් කාරියවසම් මහතා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා ද වනවා.



