වසර 2035 වන විට ඉස්ලාම් ධර්මය ලොව විශාලතම ආගම බවට පත්වනු ඇතැයි අමෙරිකානු පියු පර්යේෂණ මධ්‍යස්ථානය (Pew) ප්රක්ෂේපණය කර ඇති බව Al Jazeera පුවත් සේවය වාර්තා කර තිබේ.
ලෝක ජනගහනයෙන් 99.98%ක් නියෝජනය වන පරිදි රටවල් සහ කලාප 201ක් ආශ්‍රිතව 2020 සිට 2070 දක්වා කාලසීමාව ආවරණය කරමින් සිදු කරන ලද පුළුල් අධ්‍යයනයකින් පසුව මෙම වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.
ලෝකය පුරා සිටින ක්‍රිස්තියානි භක්තිකයන්ගේ සංඛ්‍යාව ඉදිරි දශක කිහිපය තුළ අඛණ්ඩව වර්ධනයක් සිදු වුවත් 2035 වන විට එය අභිබවා යමින් ඉස්ලාම් ධර්මය මුල් තැනට පත්වෙනු ඇති බව එමගින් පෙන්වා දී තිබේ.
ඉස්ලාම් ජනගහනයේ සීඝ්‍ර වර්ධනයට ප්‍රධානතම හේතුව වශයෙන් එම අධ්‍යනයට අනුව හෙළි වී ඇත්තේ ඉහළ සරුභාවය හේතුවන අතර ක්‍රිස්තියානි
ජනගහනය පහත වැටීමට සරු භාවය අඩුවීම,ආගම මාරු කිරීම, ආගම අතහැරයාම වැනි සාධක බලපා ඇති බව හෙළි වී ඇත.



