ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එච්.නදීම් දැනට මාස 11ක කාලයක් තිස්සේ එම තනතුරේ රාජකාරි කරන බවත්, ඔහුගේ වසර 29යි මාස 10ක සේවා කාලය තුළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස තබා පොලිසියක ස්ථානාධිපතිවරයෙක් ලෙසවත් සේවය කර නැති බවත් ඇමතිවරයා විසින් ලබා දුන් පිළිතුරෙන් අනාවරණය විය.
කිලිනොච්චිය පොලිස් ස්ථානයේ රාජකාරි කිරිම සඳහා පත් කර ඇති මූලස්ථාන පොලිස් පරීක්ෂවරයා එම තනතුර වෙත පත් කර ඇත්තේ තනතුර සඳහා අදාල නිසි සුදුසුකම් සැපිරීමෙන් නොව, පොලිසියේ සිටින ප්‍රධානියෙකුගේ ත්‍රීකුණාමලයේ පවතින ඉඩමක් බලා කියාගෙන සිටීම හේතුවෙන් ලද තෑග්ගක් ලෙස බව අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය වූයේය.
මේ අනාවරණය සිදුවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාලගෙන් අසන ලද ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේ දී ලබා දුන් පිළිතුරකිනි.



