Homeදේශීයශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 115 ක්.

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 115 ක්.

11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ කාර්යාලය නිල වශයෙන් කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී විවෘත කෙරුණා.

ලෝකයේ ළමුන් වෙනුවෙන් බිහිවූ විශාලතම ළමා සංවිධානය වන ලෝක බාලදක්ෂ ව්‍යාපාරය මේ වන විට ලෝකයේ රටවල් 176 ක පමණ සමාජිකත්වය දරනවා.

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 115 ක් ගතවීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 ජනවාරි 17 -23 දක්වා කොළඹ දියගම ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මාධ්‍ය වාර්තා කරන්නේ මේ සදහා දේශීය වශයෙන් 10,000 ක් සහ විදේශීය වශයෙන් 2000 ක බාලදක්ෂයින් පිරිසක් සහභාගී වීමට නියමිත බවයි.

මෙම ජම්බෝරියේ කාර්යාලය ලෝක බාලදක්ෂ සංවිධානයේ Safe From Harm උපදේශකයෙක් සහ ආසියානු පැසිෆික් බාලදක්ෂ කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන පෝල් පාකින්සන් (Paul Parkinson) මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරුණා.

මෙම ජම්බෝරි කාර්යාලය අගහරුවාදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 8.30 – ප.ව. 5.00 දක්වා විවෘතව පවතින අතර, 11 වන ජාතික ජම්බෝරිය සම්බන්ධ සියළු කාර්යාලීය කටයුතු, මෙම කාර්යාලය කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මකයි.

බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේ බ්‍රිතාන්‍යය හමුදාවේ ලුතිනන් ජෙනරාල් වරයෙකු වූ රොබට් බේඩ්න් පවල් සාමිවරයායි.

දකුණු අප්‍රිකාවේ මැෆ්කින් නගරය සතුරන්ගේ මුදා ගැනීමේ දී කළ පරිත්‍යාග හා දක්ෂ සටන් මෙහෙයවීම නිසා ඔහු ලෝකයේ වෙසෙන මිනිසුන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා.

විශේෂයෙන් පවල් සාමිවරයා කුඩා ළමුන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වූ අතර, තමා විසින් යුද බිමේදී ලැබු අත්දැකීම් අනුව ඔහු විසින් ලියන ලද වැඩිහිටියන් සඳහා වූ බාලදක්ෂ කටයුතු සඳහා උපදෙස් ග්‍රන්ථය ද ළමයින් අතර ජනප්‍රිය වී තිබුණා.

මේ ජනප්‍රියත්වය මත ළමයින් වෙනුවෙන් යමක් කිරීමට ඔහුට වුවමනා වුණා.

ඒ අනුව ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකාවේ යුද බිම්වල සේවය කරද්දී තමා ලද අත්දැකීම් උපයෝගී කොට නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පවල් සාමිවරයාට අවශ්‍ය වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස 1907 දී ලොව පළමු බාලදක්ෂ කඳවුර ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්සි දුපතේ දී පවත්වන්නට ඔහුට හැකි වූ අතර බාලදක්ෂ විද්‍යාව පිළිබඳ ඔහු රචනා කළ ග්‍රන්ථ හේතුවෙන් ලොව බොහෝ රටවල් බාලදක්ෂ සංගම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණා.

බාලදක්ෂ ව්‍යාපාරය ලොව පුරා පැතිර යත්ම හමුදා සේවයෙන් ඉවත් වූ බේඩ්න් සාමි සිය ජිවිතය ඒ වෙනුවෙන් ම කැප කළා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments