2001 සැප්තැම්බර් 11 වනදා අමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසර 25ක් පිරීම නිමිත්තෙන්, 2026 සැප්තැම්බර් 11 වනදා ‘දේශප්‍රේමීන්ගේ දිනය’ (Patriot Day) ලෙස ප්‍රකාශයට පත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ 2,977 දෙනාගේ අභිමානනීය මතකයට ගෞරව පිණිස අමෙරිකාවේ සියලුම රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු සහ ආයතන පරිශ්‍රයන්හි ජාතික කොඩිය අඩකුඹු කර ඔසවා තබන ලෙසයි ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ.
එමෙන්ම, මෙම සැමරුම් වැඩසටහන හා එක්වන ලෙස ජනාධිපති ට්‍රම්ප් විසින් සියලුම ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට, රාජ්‍ය නොවන සංවිධානවලට සහ සමස්ත අමෙරිකානු ජනතාවට ඇරයුම් කර තිබෙනවා.



