Homeදේශීයපළාත් සභා ඡන්දයට අදාළව පත් කළ කාරක සභාවේ කාලය දීර්ඝ කෙරේ

පළාත් සභා ඡන්දයට අදාළව පත් කළ කාරක සභාවේ කාලය දීර්ඝ කෙරේ

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව එම කාරක සභාවේ කාලය එළැඹෙන දෙසැම්බර් 17 දින දක්වා දීර්ඝ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පසුගිය ජනවාරි මස 06 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවක් මගින් පත් කෙරිණි.

කෙසේ නමුත් එම කාරක සභාව ඉහත කරුණු සම්බන්ධව තවදුරටත් කරුණු වාර්තා කිරීම සඳහා කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102ක ප්‍රකාරව එම කාරක සභාවේ කාලය දෙසැම්බර් 17 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments