Homeදේශීයචීන ජාත්‍යන්තර සේවා වෙළෙඳ ප්‍රදර්ශනය බෙයිජිං නුවරදී

චීන ජාත්‍යන්තර සේවා වෙළෙඳ ප්‍රදර්ශනය බෙයිජිං නුවරදී

2026 චීන ජාත්‍යන්තර සේවා වෙළෙඳ ප්‍රදර්ශනය බෙයිජිං නුවරදී පැවැත්වෙනවා.

නවීනතම තාක්ෂණයන් සහ නව නිර්මාණ රැසක් පිළිබඳ මෙවර අවධානය යොමු කිරීම විශේෂත්වයක්.

මෙවර නව තාක්ෂණික නිෂ්පාදන 46ක් එළිදක්වා ඇති බවයි වාර්තා වන්නේ.

උසස් කාර්මික උපකරණ, දේශසීමා හරහා භාණ්ඩ ප්‍රවාහනය සහ ස්මාර්ට් සෞඛ්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක් එයට අයත්.

නවීන තාක්ෂණය සාම්ප්‍රදායික සංස්කෘතියටද එක් කළ නව ආකෘතීන් මෙහිදී ඉදිරිපත් කිරීම ද කැපී පෙනෙනවා.

එසේම කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් ප්‍රකට චීන චිත්‍ර ශිල්පීන්ගේ සිතුවම් ශෛලියට අනුව ස්වභාවික දර්ශන නැවත ප්‍රතිනිර්මාණය කර ඇති ඩිජිටල් කලා ප්‍රදර්ශනයක්ද මෙවර ප්‍රදර්ශනයට එක් කර තිබීම විශේෂත්වයක්.

ගෝලීය ව්‍යාපාරික සහයෝගීතාව සඳහා පුළුල් වැඩසටහන් රැසක් ද සංවිධාන කර තිබෙනවා.

මෙවර ප්‍රදර්ශනයට රටවල් සහ කලාප 90කින් සමාගම් 1,830කට වැඩි සංඛ්‍යාවක් එක්ව ඇති අතර, Fortune 500 සමාගම් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම් 473ක්ද ඊට ඇතුළත්

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments