Homeදේශීයඉදිරි වසරේ පළමු මාස තුනේදී අඛණ්ඩව විදුලිය සැපයීමට සූදානම්

ඉදිරි වසරේ පළමු මාස තුනේදී අඛණ්ඩව විදුලිය සැපයීමට සූදානම්

වැඩි වූ වර්ෂාපතනය හේතුවෙන් විදුලි නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස පාලනය කරගැනීමට හැකිවූ බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම තත්ත්වය මත ඉදිරි කාර්තුව තුළ විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බවයි.

අපේක්ෂිත ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීම විදුලි පිරිවැය පහළ මට්ටමක පවත්වා ගැනීමට ප්‍රධාන හේතුව වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, එළඹෙන වසරේ මුල් මාස 3 තුළ බාධාවකින් තොරව විදුලි සැපයුම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන බලශක්ති අමාත්‍යාංශය මගින් මේ වන විටත් යොදා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Qq”අපේක්ෂා කළාට වඩා වැඩි වැසි ප්‍රමාණයක් ලැබුණු නිසා විදුලිය නිපදවීමේ පිරිවැය පාලනය කරගන්න ලැබුණා. ඒ නිසා ඉදිරි කාර්තුවේදී විදුලි මිල වැඩි කරන්න කිසිම ඉල්ලීමක් කරන්නේ නැහැ. ඒ වගේම ඉදිරි වසරේ පළමු මාස තුනේදී අඛණ්ඩව විදුලිය සැපයීමට අදාළ පියවර බලශක්ති අමාත්‍යාංශය විසින් දැනටමත් අරගෙන තියෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments