Homeදේශීයඇත්ත කියන්නේ නලින්ද ද නලීන් ද?

ඇත්ත කියන්නේ නලින්ද ද නලීන් ද?

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීම සඳහා වූ යෝජනාව රජය මෙතෙක් සලකා බලා නොමැති බව කැබිනට් තීරණ දැනුම් දී මේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

නමුත් පසුගියදා වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අදහස් දක්වමින් ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40ත් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරු දෙදෙනෙක් එකම කාරණය සම්බන්ධව මෙලෙස පරස්පර අදහස් පළ කිරීම පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

කෙසේ නමුත් මේ සම්බන්ධව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රජය පැවසුවේ පාසල් අධ්‍යාපනය අතරමග හැර ගිය පිරිස් හෝ උසස් පෙළින් පසුව අය සඳහා වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා විවිධාකාර යෝජනා විවිධ ආයතනවලින් සහ විවිධ පුද්ගලයින් වෙතින් ලැබී ඇති නමුත් මේ සම්බන්ධව අවසන් තීරණය රජය විසින් ගෙන නොමැති බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments