2026 අගෝස්තු මස 12 වන දින වන විට සිරකරුවන් 10611ක් සහ සැකකරුවන් 28408ක් ලෙස 39019ක් දිවයිනේ සියලුම බන්ධනාගාරවල රඳවා ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන විසින් ඇසූ ප්රශ්නයකට පිළිතුරු සැපයීමේදී අධිකරණ අමාත්යවරයා විසින් මෙම කරුණු අනාවරණය කරන ලදී.
මේ අතරින් වයස අවුරුදු 30 – 40 පරතරයේ සිරකරුවන් 3423 ක් රඳවා සිටියි.
වයස අවුරුදු 70ට වැඩි සිරකරුවන් ගණන 161 කි.
රුපියල් 25000 50000 ගෙවීමට නොහැකිව සිරකරුවන් 361ක් බන්ධනාගාර ගතව සිටියි.



