නුවරඑළිය දිස්ත්රික්කයේ කිරි ගව පාලනයේ 12152ක් ගොවීන් නිරතව සිටියි.
කුකුළු පාලනයේ නිරත ගොවීන් ගණන 3900කි.
පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය වී රාධාක්රිෂ්ණන් මහතා විසින් අසන ලද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්නයකට පිළිතුරු සැපයීමේදී මෙම කරුණු අනාවරණය විය.
මේ වෙනුවෙන් නුවරඑළිය දිස්ත්රික්කයේ ක්ෂේත්ර පශු වෛද්ය කාර්යාල 12 ක් සහ පශු රෝහල් එකක් ක්රියාත්මක වෙයි.
සියලු කටයුතු සඳහා පශු වෛද්ය නිලධාරීන් තිහක් අත්යවශ්ය වුවද,දැනට සිටින්නේ නවයක් පමණයි.පුරප්පාඩු විසි එකක් පවතියි.



