Homeදේශීයඩොලර් මිලියන 2.5ක මුදලක් මාරු කිරීමේ සිද්ධිය ගැන වාර්තාව ප්‍රමාදයි

ඩොලර් මිලියන 2.5ක මුදලක් මාරු කිරීමේ සිද්ධිය ගැන වාර්තාව ප්‍රමාදයි

වෙනත් ගිණුමකට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් මාරු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක වාර්තාව මෙම මාසය අවසානයේදී ලබා දීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වෙත දැනුම් දී ඇත.

මෙම සිදුවීම පිළිබඳව කරුණු විමසීම සඳහා විශේෂ මුදල් කාරක සභා රැස්වීමක් මැයි මාසය අවසානයේදී පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණද, වාර්තාව සූදානම් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඒ සඳහා වෙනත් විකල්ප දිනයක් වෙන් කර දෙන ලෙස ලේකම්වරයා ඉල්ලීමක් කර ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් පසුගියදා මුදල් කාරක සභාව හමුවට කැඳවනු ලැබීය.

අදාළ මුදල් වෙනත් ගිණුමකට පැවරීමට සෘජුවම වගකිව යුතු නිලධාරීන් කවුරුන්ද යන්නත්, මෙවැනි මූල්‍ය දෝෂ ඉදිරියේදී වළක්වා ගැනීම සඳහා අනුගමනය කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග මොනවාද යන්නත් ඇතුළත් පූර්ණ වාර්තාවක් මෙම මස අගදී ඉදිරිපත් කරන ලෙස කාරක සභාව එහිදී නියෝග කර තිබිණි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments