පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඩුබායිහි පොලිස් සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය ප්‍රධානී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ෆෙඩරල් පොලිස් කවුන්සලයේ ප්‍රධානී, සම සමාජික ලුතිනන් ජෙනරාල් Dhahi Khalfan Tamim මහතා ඇතුලු එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
පොලිස්පතිවරයා, නොවැම්බර් 15 වැනිදා සිට නොවැම්බර් 19 වන දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වාර්ෂික ලෝක පොලිස් සමුළුවට සහභාගීව සිටින අතර මෙම සාකච්ඡා සිදුව තිබුණේ ඊට සමගාමීවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන Siri Bijune මහත්මිය මෙන්ම ඩුබායි පොලිසියේ ජාත්‍යන්තර සහයෝගිතා අංශයේ අධ්‍යක්ෂකවරයා පොලිස්පතිවරයා හමුවූ ආරක්ෂක ප්‍රධානීන් අතර වේ.
මෙරටින් පළාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට භාරදීමට මෙන්ම පිටුවහල් කිරීමට කඩිනමින් ක්‍රියාකරමින් එරට දක්වන රාජතාන්ත්‍රික සහයෝගය පිළිබඳව පොලිස්පතිවරයා එහිදී එම නිලධාරීන් වෙත සිය ස්තූතිය ද පළකර තිබේ.
ප්‍රියන්ත වීරසූරිය මහතා සමඟ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා ද එම සියලු අවස්ථාවන් සඳහා සහභාගී වී තිබේ.



