Homeදේශීයසංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඊශ්‍රායල තානාපති රජයෙන් ඉල්ලයි.

සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඊශ්‍රායල තානාපති රජයෙන් ඉල්ලයි.

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් පසුගිය සතියේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ සාකච්ඡාවක් පැවැත්විය.

මෙම වසරේ ඊශ්‍රායල ජාතිකයන් සඳහා ශ්‍රී ලංකාව ඉහළම සංචාරක ගමනාන්තය වනු ඇති බවත්, ඔවුන්ට රට තුළ රැඳී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙසත් තානාපතිවරයා එම සාකච්ඡාවේදී රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

තානාපතිවරයා එහිදී පවසා ඇත්තේ, තායිලන්තය සහ ශ්‍රී ලංකාව ඊශ්‍රායල සංචාරකයන් අතර ප්‍රියතම ගමනාන්ත බවයි.

වැලිගම සහ ආරුගම් බොක්ක ඊශ්‍රායල සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්ත බවත්, සුවපහසු ලෙස නවාතැන් පහසුකම් ලබාදීම සඳහා සහ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු අවශ්‍ය පහසුකම් ඔවුන්ට ලබාදීම වෙනුවෙන් කටයුතු කරන බවත් අමාත්‍ය විජිත හේරත් එහිදී පවසා තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments