රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
මාලදිවයින ජනාධිපතිවරයාට ඇතුළුව ජනාධිපති ආර්යාව සමගින් එරට උසස් නිලධාරීන් 20 දෙනෙකු මෙලෙස පැමිණ සිටිනවා.
මේ අතර ඔවුන් පිළිගැනීම සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක්ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.
මාලදිවයින් ජනාධිපතිවරයා මෙලෙස දිවයිනට පැමිණියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මතයි.
2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වන බවයි වාර්තා වන්නේ.
එතුමා ලබන 6 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.



