Homeදේශීයඝාතනයට ලක් වූ තෙවැනි සභාපති ලසන්ත.

ඝාතනයට ලක් වූ තෙවැනි සභාපති ලසන්ත.

වැලි­ගම ප්‍රාදේ­ශීය සභා‍වේ සභා­පති ලසන්ත වික්‍ර­ම­සේ­කර ඇතු­ළුව මේවනවිට පළාත් පාලන ආය­තන 03 සභා­ප­ති­වරු පාතා­ලයේ වෙඩි ප්‍රහා­ර­ව­ලින් ඝාත­නය වී ඇත.

ඒ හැරුණු කොට පළාත් පාලන මන්ත්‍රී­ව­රුන් ද සැල­කිය යුතු පිරි­සක් පාතා­ලයේ වෙඩි ප්‍රහා­ර­ව­ලින් ඝාත­නය වී තිබේ.

පළාත් පාලන ආය­ත­න­යක සභා­ප­ති­ව­ර­යෙක් සභා­පති ධුරය දර­මින් සිටි­යදී ඝාත­නය වූ තෙවැනි අව­ස්ථාව වන්නේ ලසන්ත වික්‍ර­ම­සේ­කර මහ­තාගේ ඝාත­න­යයි. මෙම ඝාතන තුනම සිදුව ඇත්‍තේ දකුණේ වීම විශේ­ෂි­තය.

2003 වස­රේදී හික්ක­ඩුව නගර සභාවේ සභා­පති ගාමිණි පින්න­දූව මහ­තාව ද ඝාත­නය කරනු ලබන්නේ මේ ආකා­ර­ය­ට­මය. යතු­රු­පැ­දි­ය­කින් පැමිණි වෙඩි­ක්කරු නගර සභාවේ සිය කාර්යා­ලයේ රැඳී­සිටි ගාමිණි පින්න­දූව මහ­තාට වෙඩි තබා ඝාත­නය කර තිබුණි.

අන­තු­රුව ඝාත­නය වන්නේ රත්ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති මනෝජ් මෙන්ඩිස් මහ­තාය.
2015 වසරේ මාර්තු 23 වැනිදා මනෝජ් මෙන්ඩිස් මහ­තාට වෙඩි තබා ඝාත­නය කරන්නේ හික්ක­ඩුවේ සංචා­රක හෝට­ල­ය­ක­දීය. හික්ක­ඩුව නගර සභාවේ සභා­පති ඝාත­න­යට මෙන්ම රත්ගම ප්‍රා‍දේශීය සභාවේ හිටපු මන්ත්‍රී­ව­ර­යෙක් මෙන්ම ඔහුගේ ප්‍රති­වා­දියා වූ අපේ­ක්ෂ­ක­යෙක් ඡන්දය පැවති කාල­යේදී ඝාත­නය කිරීම සම්බ­න්ධ­යෙන් පවා එකල මනෝජ් මෙන්ඩිස්ගේ නම කියැ­විණි.

ඒ සම්බ­න්ධ­යෙන් ඔහු බන්ධ­නා­ගා­ර­ග­තවද සිටි අතර වැඩිම මනා­ප­යෙන් රත්ගම සභා­පති ධුර­යට පත්වන්නේ ද රක්ෂිත බන්ධ­නා­ගා­රයේ සිටි­මිනි.

ඔහු මිනිස් ඝාතන කොල්ල­කෑම් ඇතුළු අප­රාධ රැස­කට ද චෝදනා එල්ල වූවෙකි. අප­රාධ ලෝක­යට ඔහුව රැගෙන ගොස් තිබුණේ දකුණු පළා­තින් පිට පළා­තක හිටපු මහ ඇමැ­ති­ව­ර­යෙකි. මනෝජ් මෙන්ඩිස් ඝාත­නය කරනු ලබන්නේ දකු‍ණේ ප්‍රබල පාතාල අප­රා­ධ­ක­රු­වෙක් වන පොඩි ලැසීය. එම ඝාත­න­යට මුල පොඩි ලැසීගේ පියාව ඝාත­නය කිරී­මට පළි­ගැ­නී­මකි.

පළාත් පාලන ආය­ත­න­යක වැඩිම මන්ත්‍රී­ව­රුන් පිරි­සක් ඝාත­නය වී ඇත්තේ කොළඹ මහ නගර සභා මන්ත්‍රී­ව­රුන්ය.

මේ කාලය තුළ සිවු දෙනෙක් ඝාත­නය වී ඇත. එම ඝාත­න­ව­ලින් බොහො­ම­ය­කට මුල්වී ඇත්තේ මත්කුඩු ජාවා­රම් සම්බ­න්ධ­යෙන් ආර­වුල් බව එකල හෙළි විය. දෙහි­වල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී­වරු දෙදෙ­නෙක් ද පාතා­ලයේ වෙඩි ප්‍රහා­ර­යන්ට ලක්ව ඝාත­නය විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනං­ජය සිල්වා‍ගේ පියාව පවා ඝාත­නය කරනු ලබන්නේ පාතා­ලය විසිනි. අද­ටත් එම පාතාල අප­රා­ධ­ක­රු­වන් සිටින්නේ නිදැ­ල්ලේය

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments