වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තු සභාගර්භයට පැළඳ සිටින අයුරු දැකගත හැකිවිය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ රටේ ක්‍රියාත්මක වන ඝාතන සංස්කෘතියට විරෝධය පළ කරමින් කළු පටි පැළඳ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි බවයි. වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයේ සැකකරුවන් ගැන සාර්ථක තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඉදිරි දින දෙක තුන තුළ ඔවුන් අත්අඩංගුවට ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.



