Homeදේශීය2026 දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක්

2026 දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව පාර්ලිමේන්තුවේ දී රැස් විය.

2026 වසරේ සිට දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.

අග්‍රාමාත්‍යවරිය පැවසූවේ, පූර්ව ළමාවිය විෂයමාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන් ව ඇති අතර, දහනවදහසකට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිත බවයි.

එහිදී සෑම පළාතකම ගුරු පුහුණුවීම් සිදු කරන අතර, එමගින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments