Homeදේශීයගෝලීය පියයුරු පිළිකා දැනුවත් කිරීමට මන්ත්‍රීවරුන් අද රෝස පැහැති ඇඳුමින් පාර්ලිමේන්තුවට

ගෝලීය පියයුරු පිළිකා දැනුවත් කිරීමට මන්ත්‍රීවරුන් අද රෝස පැහැති ඇඳුමින් පාර්ලිමේන්තුවට

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා මන්ත්‍රීවරුන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

ඒ අනුව අද දින පාර්ලිමේන්තුවට පැමිණීමේ දී අදාළ නිවේදනය අනුව ක්‍රියාකරන ලෙස ඊයේ පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා පැවසීය.

එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය විසින්, අද දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදාහැරීමට කටයුතු සුදානම් කර ඇති බව බවත්, පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ට එම ලාංඡනය මන්ත්‍රී පිවිසුමේ දී ලබාදීමට කටයුතු කරනු ලබන බවත්, කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments