Homeදේශීයනඩු දාන්න ඕන කියලා ආපහු වෙනස් කතාවක් කියන රංග.

නඩු දාන්න ඕන කියලා ආපහු වෙනස් කතාවක් කියන රංග.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, තමන්ට එරෙහිව විවිධ පාර්ශව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අදහස් පළකළේය.

එහිදී ඔහු පැවසුවේ, දේශපාලනඥයන් ඇතුළුව විවිධ පුද්ගලයන් තමා සහ කොමිෂන් සභාව අරමුණු කරගනිමින් විවිධ ප්‍රකාශයන් නිකුත් කරමින් සිටින බවයි.

ඒ අනුව කොමිසම එම ප්‍රකාශයන් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ද ඔහු පැවසුවේය.

නන්දන ගුණතිලක තමන් සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ සහ එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රතිචාර දැක්වීය.

එහිදී ඔහු කියා සිටියේ තමන් සම්බන්ධයෙන් නන්දන ගුණතිලක විසින් සිදුකර ⁣ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් කරන ලද්දක් බවයි.

ඔහුගේ එම තොරතුරු අනාවරණයේ සත්‍ය අසත්‍යතාව සමාජය වෙත පැහැදිලි කිරීම ඔහුගේ වගකීමක් බවත්, නන්දන ගුණතිලක⁣ සිදුකරන ලද ප්‍රකාශය අසත්‍ය නම් ඔහුට එරෙහිව අනිවාර්යයෙන් අධිකරණ ක්‍රියා මාර්ගයකට එළඹිය යුතු බවත් රංග දිසානායක පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ එකී අධිකරණ ක්‍රියාමාර්ගය මගදී සමථයකට පත්වන ‘හුරතල් හා ⁣විනෝ‍දජනක’ ක්‍රියාවලියක් නොවිය යුතු බවයි.

මේවාට විරුද්ධව මම පියවර ගන්නවා නම්, මොනවාද පියවර ගන්නේ. සාපරාධී අපහාසය ලංකාවේ නෑ. මට පුලුවන් සිවිල් අපහාස නඩුවක් දාන්න.
දැන් මම නඩු දාලා මේ අයගේ පස්සේ යන්න ඕනෑ.

මේ කොමිසමේ පහසුකම්, සේවකයන් අඩුයි. කොයිතරම් අපහසුවෙන්ද විමර්ශන කරන්නේ. මේවා කරන්නේ නැතිව අරගොල්ලන් පස්සේ යන්න වෙනවා මට.” යනුවෙන් ද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී චෝදනා කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments