අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම ඔක්තෝම්බර් 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.
සැප්තැම්බර් 18 වැනිදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් මෙම විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කෙරුණා.
ඔක්තෝම්බර් 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව එම අමාත්‍යාංශය පවසනවා.
මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් මෙම 0112784208 / 0112784537 / 0112785922 / 0112784422 දුරකථන අංක මගින් විමසීම් කළ හැකියි.



