Homeදේශීයක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක වනුයේ අධ්‍යක්ෂකවරයෙකු නොමැතිවයි

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක වනුයේ අධ්‍යක්ෂකවරයෙකු නොමැතිවයි

ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින් සමග සම්බන්ධවී බුද්ධි තොරතුරු ලබාගැනීම සහ ක්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම හා නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධව ස්වාධීන හා අපක්ෂපාතීව විමර්ශනය කිරීම මෙම ඒකකය විසින් සිදුකරනු ලබනවා.

මේ අතර, ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වර්තමානයේ ක්‍රියාත්මක වනුයේ අධ්‍යක්ෂකවරයෙකු නොමැතිව බව සඳහන් වනවා.

ඒ අනුව ඇතැම් ක්‍රීඩා වැරදිවලට අදාළ නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වනවා.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ස්වාධීනව ක්‍රියාත්මක වන ඒකකයක් බැවින් ඊට වැඩබලන අධ්‍යක්ෂකවරයෙක් හෝ පත්කිරීමටද හැකියාවක් පනත මගින් ලබාදී නැහැ.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයෙකු හෝ ඊට උසස් නිලධාරියෙකු එම තනතුර සඳහා පත්කළ යුතුයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments