Homeදේශීයපොලිසියට දැඩි අප්‍රසාදය පලකරන සිතාසි සහ ඇස්කීසි නිලධාරීන්ගේ සංගමය

පොලිසියට දැඩි අප්‍රසාදය පලකරන සිතාසි සහ ඇස්කීසි නිලධාරීන්ගේ සංගමය

සමාජයේ ඉහළම පිරිස් සමගත් පොලිසියේ උසස්ම නිලධාරීන් සමගත් එක්ව සිට රටේ කුප්‍රකට වංචා ගණනාවක් සිදුකළ බවට චෝදනා ලද තිලිණි පියුමාලි සම්බන්ධ නඩුවකට අදාලව සිතාසි භාර දීමට ගිය නිලධාරියෙකුට බැණ තර්ජනය කර නීති විරෝධී ලෙස සිතාසි ලේඛනයේ සිය විරෝධතා සටහනක් තබා එය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ තබන ලද පැමිණිල්ලට අදාලව රාජකාරි ක්‍රියාත්මක නොවීම සම්බන්ධව හෝමාගම පොලිසියට සිය දැඩි අප්‍රසාදය පලකරන බව සිතාසි සහ ඇස්කීසි නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය.
තිලිණි පියුමාලිගේ සහ හෝමාගම පොලිසියේ මේ ගනුදෙනුව අධිකරණ නියෝගයන් ද ඉක්මවා යන බවත්, අධිකරණ නියෝගයක් මත අධිකරණ භූමිය තුළ දී සිිතාසි භාර දීමට ගිය අධිකරණ නිලධාරියෙකුට බැණ තර්ජනය කර සිතාසියේ බලි කුරුටු ලියූ තිළිනි පියුමාලි සම්බන්ධව රාජකාරිය ඉටුකිරීම පැහැර හැරීමට හෝමාගම පොලිසියට නොහැකි කුමක් නිසාදැයි ප්‍රශ්න කරන බවත් සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති ආර්. සුගත් පාලිත එම මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න කළේය.

පසගිය 14 වැනිදා පහුවෙනිදාම හෝමාගම පොලිසියට ගොස් මේ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කරන ලෙස නියෝග කළත් ඇහෝමාගමින් වනතුරුත් එම ප්‍රකාශය ලබා දී නැති බවත්, සිතාසි භාර දීමට ගිය නිලධාරියාට තමන් කවුරුදැයි නොදැන මේ සිතාසිය භාරදීමට පැමිණියේ දැයි තිලිනි පියුමාලි විසින් කළ ප්‍රශ්න කිරීම දැන් තේරෙන බවත් සභාපති වරයා පැවසුවේය.

හෝමාගම පොලිසියේ මේ නින්දාසහගත හැසිරීම හෙළා දකින බව පැවසූ සභාපතිවරයා අධිකරණයටත් උඩින් සිට තිලිණි පියුමාලි නලවන හෝමාගම පොලිසියේ ක්‍රියාකලාපය ලජ්ජා සහගත බව ද කීවේය. මේ හැසිරීම සම්බන්ධව උසස් නිලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි විශ්වාස කරන බව ද හිටපු සභාපතිවරයා කීවේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments