රුපියල් මිලියන 50 ඉක්මවූ ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබූ සහන කාලය අදින් අවසන් වනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, මෙම වසරේ මාර්තු 31 වැනිදාට පෙර බැංකු සමග සාකච්ඡා ආරම්භ කළ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් අදාළ සහනය හිමිවන බවයි.
මේ අතර, රුපියල් මිලියන 25 – 50ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදුන් සහන කාලය, ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.
රජයට මේ ගැටලුවෙන් පැන යා නොහැකි බවත් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් මෙන්ම විධායක ජනාධිපති බලයක් ඇති ආණ්ඩුවක් ඇති නිසා ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මේ ගැටලුවට උත්තර හා විසදුම් අපේක්ෂා කරන නිසා මේ ගැටලුවලින් පැන යා නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.