Homeජාත්‍යන්තරයොහාන් සට් ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයට අද සිට

යොහාන් සට් ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයට අද සිට

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ නව උප සභාපතිවරයා ලෙස යොහාන් සට් මහතා පත්කර ඇත. එම පත්වීම අද සිට බලපැවැත්වෙන බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

දකුණු ආසියාවේ කලාපීය උප සභාපතිවරයා ලෙස, සට් මහතා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල් සමග සම්බන්ධීකරණය කරනු ඇති බවත් ඩොලර් බිලියන 39 ක් වටිනා ව්‍යාපෘති, තාක්ෂණික සහාය සහ මූල්‍ය සම්පත් ප්‍රමාණයක් අධීක්ෂණය කිරීම ඔහුට බාරවනු ඇති බවත් ලෝක බැංකුව පැවැසුවේය.

සට් මහතාගේ නායකත්වය යටතේ දකුණු ආසියානු කලාපයේ රැකියා උත්පාදනය කිරීමට, දේශගුණික විපර්යාස සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියණු කිරීමට සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය ලෝක බැංකුව සහාය ලබාදෙනු ඇත. ලන්දේසි ජාතිකයෙකු සට් මහතා 1999 වසරේදී ලෝක බැංකුව සමග සම්බන්ධ වී ඇති අතර තනතුර ගණනාවක් හොබවා තිබේ.

මීට පෙර සට් මහතා බ්‍රසීලයේ ලෝක බැංකු අධ්‍යක්ෂක ධූරය හොබවා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments