රටේ හදිසි තත්වය පැවති යුගයේ ඇතිකරගත් ගිවිසුමක් හේතුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්නා බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් පවසනවා.
මෙම ගිවිසුම් සමග ඇතැම් ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ නියැලීමේ අයිතිවාසිකම් අත්හැරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා ප්‍රකාශ කරනවා.
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට භාරදෙමින් ඇතිකර ගන්නා ලද ගිවිසුම් හා හදිසි යුගයේ 50
වන සංවත්සරය සැමරීම සඳහා භාරතීය ජනතා පක්ෂ තරුණ අංශය සංවිධානකර තිබු
උත්සවයකදී අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මේ බව කියා
සිටියා.
මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වු ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා මෙසේද පැවසුවා.
“මේ දවස්වල අපේ ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ගිහින් අත්අඩංගුවට ගැනීම ගැන
සාකච්ඡාවක් තියෙනවා. එම හදිසි අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමඟ අත්සන් කළ ගිවිසුමක් නිසා, ශ්‍රී ලංකා මුහුදු තීරයේ යම් ප්‍රදේශයක ධීවරයින්ට මසුන් ඇල්ලීමේ අයිතිය අපි අත්හැරියා,
ඒ කාලේ විවාදයකින් තොරව විශාල තීරණ කිහිපයක් ගන්නවා.”
” ඒ කාලයේ පාර්ලිමේන්තුව සැබෑ පාර්ලිමේන්තුවක් නම්,ඒ ගැන විවාදයක් තිබෙන්නට ඉඩ
තිබුණ, ඒ වගේම පාර්ලිමේන්තුව එවැනි ගිවිසුමකට ඉඩ දෙයිද කියලා මම දන්නේ නැහැ.
ඒ කාලේ ගත්ත තීරණ වල බලපෑම තවමත් තමිල්නාඩු ප්‍රාන්තය තුළ පෙන්නුම් කරනවා.”
තමිල්නාඩු ඩී.එම්.කේ. රජය මෙම ගැටලුව නැවත නැවතත් මධ්‍යම රජය වෙත යොමු කරමින්
මධ්‍යම රජයට බලපෑම් කරමින් සිටිනවා.
1974 සහ 1976 දී අත්සන් කරන ලද ගිවිසුම් හරහා ශ්‍රී ලංකාවට භාර දුන් කච්චතිව් දූපත නැවත
ලබා දෙන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මෙම වසර මුලදී අගමැති නරේන්ද්‍ර
මෝදි වෙත ලිපියක්ද යොමු කළා.
කොංග්‍රසය කච්චතිව් නිර්දය ලෙස ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ බවට අගමැති නරේන්ද්‍ර මෝදි
සිය X ගිණුමේ පළ කිරීමෙන් පසු දශක ගණනාවක් පැරණි ආරවුල පසුගිය වසරේ නැවත මතු
වුනා.
රජයේ දත්ත වලට අනුව 2024 දී ශ්‍රී ලංකාව ඉන්දීය ධීවරයින් 528 කට වැඩි පිරිසක් අත්අඩංගුවට
ගෙන ඇත.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා පැවසුවේ, කච්චතිව් දූපතේ අයිතිය කිසිසේත් ඉන්දියාවට නොදෙන බවයි.
රාජ්‍ය තාන්ත්‍රිකව ජාත්‍යන්තර නීතිය යටතේ ශ්‍රී ලංකාවට අයත්ව ඇති කච්චතිව් දූපත කිසිවෙකුට යළි පවරා ගැනීමට නොහැකි බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා පවසනවා.