Homeදේශීයනිවැරදිව රාජකාරි කළ වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිට වුණදේ

නිවැරදිව රාජකාරි කළ වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිට වුණදේ

ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.සී.පී. ද සිල්වා මහතා වැලිපැන්න පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ සිට ඇල්පිටිය කොට්ඨාශයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කොට ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙම පොලිස් ස්ථානාධිපතිවරයා පසුගියදා ආන්දෝලනයකට ලක්වූ සිදුවීමකට සම්බන්ධ විය.

පොලිස් සැරයන්වරයෙකුට බැන වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහට එරෙහි චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරමින් පවතින බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි ෆෙඩ්රික් වුට්ලර් පැවසීය.

එම සිදුවීම සම්බන්ධයෙන් කරන විමර්ශන සම්බන්ධයෙන් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් මේ වනවිට වාර්තාවක් කැඳවා ඇති බවද පැවසීය.

මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත්දැයි කළ විමසීමේදී ඔහු පැවසුවේ තවම ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවත් හා ඉදිරියේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවත්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments