Homeදේශීය2009ට පෙර ලබාගත් රියදුරු බලපත් අවලංගු කිරීම සම්බන්ධ තීරණයක් නෑ

2009ට පෙර ලබාගත් රියදුරු බලපත් අවලංගු කිරීම සම්බන්ධ තීරණයක් නෑ

2009 වසරට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි පළවන පුවත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියදුරු බලපත් අවලංගු කිරීම සම්බන්ධව කඩිනම් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසාන තීරණයක් ගෙන නොමැති බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

දැනටමත් 2009ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර වෙනුවට නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments