Homeදේශීයව්‍රායි පුරපතිනිය වී පැය 24ක් ගතවීමටත් පෙර මන්ත්‍රීවරියකට මැර ප්‍රහාරයක්

ව්‍රායි පුරපතිනිය වී පැය 24ක් ගතවීමටත් පෙර මන්ත්‍රීවරියකට මැර ප්‍රහාරයක්

එජාප අපේක්ෂිකාවන් අතරින් වැඩිම ඡන්ද ගත් උතුරු කොළඹ එජාප නාගරික මන්ත්‍රිනී සඳමාලි උලුවඩිගේට අද සවස ජවිපෙ ආධාරකරුවන් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

ඇය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියි.

අද උදෑසන කොළඹ නගරාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දය විමසීම අවස්ථාවේ විවෘත ඡන්දයක් පැවත්විය යුතු බවට මෙම මන්ත්‍රීවරිය ප්‍රසිද්ධියේ අදහස් දැක්වීය.

කොළඹ නගරයේ ප්‍රධාන පුරවැසියා බවට ව්‍රායි බල්තසාර් මහත්මිය පත්වී පැය 24ක් ගතවන්නටත් මත්තෙන් මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම ඛේදනීයය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments