Homeදේශීයසුන්දර වෙරළ තීරයක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්

සුන්දර වෙරළ තීරයක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්

සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ කලාපවල පවිත්‍රතාව රැක ගැනීමේ අරමුණින් හෝටල් වෙරළ රැකබලා ගන්නන් පත් කිරීමේ ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබෙන අතර එම වැඩසටහන හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා අදාළ සංචාරක හෝටල් අතර ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිමද සිදු කෙරිණි. සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ කලාපය රැක ගැනීම වෙනුවෙන් ප්‍රදේශවාසියකු පත් කිරිම මෙහිදී සිදු වන අතර ඒ වෙනුවෙන් එම පුද්ගලයාට දීමනාවක්ද ගෙවනු ලැබේ.

“සුන්දර වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ” යන තේමාවට අනුව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ රාජ්‍ය, පුද්ගලික හා මහජන යන අංශ ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

දිවයින පුරා විහිදී ඇති වෙරළ තීරයේ පවිත්‍රතාව රැක ගැනීම සංචාරක කර්මාන්තයේ දියුණුවට බෙහෙවින් ඉවහල් වන අතර, සමුද්‍ර සංරක්ෂණ ප්‍රධාන සැලැස්මේ කොටසක් ලෙස, අන්තර්ජාතික මට්ටමින් පිළිගැනෙන බ්ලූ ෆ්ලෑග් සහතිකය ( Blue flag certification) ශ්‍රී ලංකාවට හිමි කර ගැනීමටද මෙම ව්‍යාපෘතිය දායක වනු ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments