Homeදේශීයඉස්ලාමීය බැතිමතුන්ගේ හජ් උත්සවය අද

ඉස්ලාමීය බැතිමතුන්ගේ හජ් උත්සවය අද

මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට යෙදී තිබෙනවා.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල් හිජ්ජා මාසයේ දසවැනි දිනයේ මෙම උත්සවය සමරනු ලබනවා.

සමගිය හා සාමුහිකත්වය පෙරදැරි කරගනිමින් මුස්ලිම් ප්‍රජාව ඊද්-උල්-අල්හා හෙවත් හජ් උත්සවය සමරන අතර, අල්ලා දෙවියන් ඊබ්‍රාහිම් නබි තුමාට දුන් අණක් පිළිපැදීම සදහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම එහි අරමුණයි.

ඉස්ලාම් බැතිමතුන් සතු පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැළකෙන්නේ ද, හජ් වන්දනාවයි.

කොළඹ නගරයේ සහ දිවයිනේ පළාත් කිහිපයකම හජ් උත්සවය වෙනුවෙන් අද උදෑසන ආගමික වතාවත් සිදු කිරීමට නියමිතයි.

කොළඹ මුස්ලිම් මහ පල්ලියේ හා දවටගහ ජුම්මා පල්ලියේද ඊට සමගාමීව ආගමික වතාවත් සිදු කෙරෙනු ඇති.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments